රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට පණිවුඩයක්

මුද්‍රණ ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසුවේ මුද්‍රණ යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

පසුගිය සඳුදා දෙපාර්තමේන්තුවට මුද්‍රණ යන්ත්‍ර තුනක් ලැබුණු අතර ඒ අනුව ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ණයවර ලිපි (LC) විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් මුද්‍රණ කාඩ්පත් ආනයනය කිරීමේදී ඇති වූ ගැටළු මේ වන විට විසඳාගෙන තිබුණ ද අනෙක් ප්‍රධාන ගැටළුවක් වූයේ මුද්‍රණ යන්ත්‍ර හිඟය බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

තවත් මුද්‍රණ යන්ත්‍ර තුනක් පැමිණීමත් සමඟ මුද්‍රණ කටයුතු මේ සතියේ නැවත ආරම්භ කරන බවත් මාස 06ක් ඇතුළත රියදුරු බලපත්‍ර මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
11
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46