spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට පණිවුඩයක්

මුද්‍රණ ගැටළු හේතුවෙන් ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ඉදිරි මාස 6 තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසුවේ මුද්‍රණ යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

පසුගිය සඳුදා දෙපාර්තමේන්තුවට මුද්‍රණ යන්ත්‍ර තුනක් ලැබුණු අතර ඒ අනුව ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ 9 කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ණයවර ලිපි (LC) විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් මුද්‍රණ කාඩ්පත් ආනයනය කිරීමේදී ඇති වූ ගැටළු මේ වන විට විසඳාගෙන තිබුණ ද අනෙක් ප්‍රධාන ගැටළුවක් වූයේ මුද්‍රණ යන්ත්‍ර හිඟය බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

තවත් මුද්‍රණ යන්ත්‍ර තුනක් පැමිණීමත් සමඟ මුද්‍රණ කටයුතු මේ සතියේ නැවත ආරම්භ කරන බවත් මාස 06ක් ඇතුළත රියදුරු බලපත්‍ර මුද්‍රණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
11
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?