පුත්තලම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවේ කොන්දොස්තවරයෙකුට තිදෙනෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ කේ.ක්‍රිශාන් නමැත්තෙකුයි.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඉකුත් 29 වැනිදා සවස 5.30 ට පමණ පුත්තලම බස් නැවතුම්පොළේ දී මෙම පහරදීම සිදු වී ඇති බව පොලිසිය පැවසුවා.

පහරදීම සිදු කර ඇත්තේ පුත්තලම නගර සභා සේවකයෙකු, කරණවෑමියෙකු සහ පුද්ගලික බස් රථයක
කොන්දොස්තරවරයෙකු විසින් බවටයි සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි ව ඇත්තේ.

කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ආරම්භ කර ඇති මෙම ලංගම බස් රථයට ඉදිරියට ගමන් කිරීමට නොදී
පුද්ගලික බස් රථය බාධා කර ඇති බව හෙළි ව තිබෙනවා.

ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් පහර දුන් බව පවසමින් පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ද ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56