spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුත්තලම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවේ කොන්දොස්තවරයෙකුට තිදෙනෙකු විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ කේ.ක්‍රිශාන් නමැත්තෙකුයි.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

ඉකුත් 29 වැනිදා සවස 5.30 ට පමණ පුත්තලම බස් නැවතුම්පොළේ දී මෙම පහරදීම සිදු වී ඇති බව පොලිසිය පැවසුවා.

පහරදීම සිදු කර ඇත්තේ පුත්තලම නගර සභා සේවකයෙකු, කරණවෑමියෙකු සහ පුද්ගලික බස් රථයක
කොන්දොස්තරවරයෙකු විසින් බවටයි සිදු කළ මූලික විමර්ශනවලින් හෙළි ව ඇත්තේ.

කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ආරම්භ කර ඇති මෙම ලංගම බස් රථයට ඉදිරියට ගමන් කිරීමට නොදී
පුද්ගලික බස් රථය බාධා කර ඇති බව හෙළි ව තිබෙනවා.

ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් පහර දුන් බව පවසමින් පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ද ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?