මුම්බායි නායකත්වයට බුම්රාත් ඉව අල්ලයි ?

යළි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක් වූ හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීළඟ නායකයා බවට පත්වන බවට පැතිර යන කටකතා මධ්‍යයේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර ඇති ගුප්ත සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ජස්ප්‍රිත් බුම්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ “නිශ්ශබ්දතාවය සමහර විට හොඳම පිළිතුරයි” යනුවෙන් පොස්ටුවක් පළකර ඇති ආකාරය දැකගත හැකි වනවා.

ඉන්දීය කණ්ඩායමේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන බුම්රා පළ කළ මෙම පෝස්ටුව සම්බන්ධයෙන් මත පළකරන බොහෝ පිරිසක් පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන් පිළේ මීළඟ නායකත්වය සම්බන්ධයන් යම් දෙයක් පැවසීමට බුම්රා උත්සාහ කර ඇති බවයි.

ඇතැම් පිරිස් පවසා ඇත්තේ ඔහු මුම්බායි ඉන්දියන්ස් පිළේ නායකයා වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් රෝහිත් ෂර්මාගේ වත්මන් නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය මේ දක්වා ගෙන නැහැ.

2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා යළිත් මුම්බායි පවුල සමඟ එක්කර ගන්නට මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වය පසුගිය ඉරිදා කටයුතු කළා.

ඒ, පසුගිය තරගාවලි දෙක තුළ දී හර්දික් පාණ්ඩ්‍යාගේ හිමිකාරිත්වය දැරූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ මෙතෙක් හෙළිනොකළ ගනුදෙනුවකට එළඹෙමින්.

1 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15