spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුම්බායි නායකත්වයට බුම්රාත් ඉව අල්ලයි ?

යළි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක් වූ හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීළඟ නායකයා බවට පත්වන බවට පැතිර යන කටකතා මධ්‍යයේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර ඇති ගුප්ත සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ජස්ප්‍රිත් බුම්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ “නිශ්ශබ්දතාවය සමහර විට හොඳම පිළිතුරයි” යනුවෙන් පොස්ටුවක් පළකර ඇති ආකාරය දැකගත හැකි වනවා.

ඉන්දීය කණ්ඩායමේ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන බුම්රා පළ කළ මෙම පෝස්ටුව සම්බන්ධයෙන් මත පළකරන බොහෝ පිරිසක් පවසා ඇත්තේ මුම්බායි ඉන්දියන් පිළේ මීළඟ නායකත්වය සම්බන්ධයන් යම් දෙයක් පැවසීමට බුම්රා උත්සාහ කර ඇති බවයි.

ඇතැම් පිරිස් පවසා ඇත්තේ ඔහු මුම්බායි ඉන්දියන්ස් පිළේ නායකයා වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් රෝහිත් ෂර්මාගේ වත්මන් නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය මේ දක්වා ගෙන නැහැ.

2024 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා යළිත් මුම්බායි පවුල සමඟ එක්කර ගන්නට මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වය පසුගිය ඉරිදා කටයුතු කළා.

ඒ, පසුගිය තරගාවලි දෙක තුළ දී හර්දික් පාණ්ඩ්‍යාගේ හිමිකාරිත්වය දැරූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ මෙතෙක් හෙළිනොකළ ගනුදෙනුවකට එළඹෙමින්.

1 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?