ජනපති සමඟ ඩුබායි යන්න අසූවකට වැඩි පිරිසක් පෝලිමේ (වීඩියෝ)

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායි හිදී පැවැත්වෙනවා.

එහි ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුව දෙසැම්බර් 01 සහ 02 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විදේශ අමාත්‍ය අලි සබ්‍රි, විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් එක්වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකු ද මෙම නියෝජිත පිරිසට ඇතුළත්.

මේ පිරිස හැරුණු විට තරුණ නායකයින් යැයි පැවසෙන පිරිසක් ඇතුළුව තවත් 70කට ආසන්න පිරිසක් අදාළ සමුළුව සඳහා එක් වීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම අතිවිශාල නියෝජිත පිරිසක් සමඟ අදාළ දේශගුණික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවීමත් සමඟ අදාළ සංචාරය සඳහා වෙන්ව ඇති මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

මේ සම්බන්ධයෙන් දසත නිවුස් කළ විමසීමක දී ආණ්ඩුවට සමීප පාර්ශ්වයක් පැවසුවේ නිල දූත පිරිස හැරුණු විට සමුළුව සඳහා එක්වන සෙසු පිරිස තමන්ගේ පෞද්ගලික වියදමෙන් සහභාගීවන බව තමන් විශ්වාස කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17