පාසලේ ශිෂ්‍ය නායකයෙකුට පහරදීමක් – සිසුවා රෝහල්ගත කෙරේ

පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොල්පිතිගම සහ කුඹුක්ගැටේ පොලිස් ස්ථාන පවසනවා.

මෙම පහරදීම් ඊයේ දිනයේ දී සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමේ සිද්ධියේ දී තුවාල ලබා ඇති පොන්නිලව මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ.ඩී.තාරුක ඩිල්ෂාන් ප්‍රියංකර 19 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇති ශිෂ්‍යා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන බවත්, එම පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට කොණ්ඩය කපා පාසලට පැමිණෙන ලෙස ඊයේ පෙරවරුවේ උපදෙස්
ලබා දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

එදිනම සවස 7.45 ට පමණ තමන්ට පොන්නිලව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල දී පුද්ගලයින් දෙදෙනෙකු පහර දුන් බවත්, එසේ පහර දුන්නේ තමන් පෙරවරුවේ කොණ්ඩය කපා පැමිණෙන ලෙස අවවාද කළ සිසුවාගේ පියා සහ ඥාතියෙකු බවට හඳුනාගත් බව ද පහර කෑමට ලක් වූ සිසුවා පොලීසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර ඊයේ දහවල් කාලයේ දී කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලය තුළ දී එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් විසින් 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට අතින් පයින් පහරදීමක් සිදු
කර තිබෙනවා.

පහර කෑමට ලක් ව ඇත්තේ එච්.එම්.ආර්.එම්.බණ්ඩාර නම් සිසුවා යි.

එම සිසුවා තලාකොළවැව – ඇලගමුව පදිංචිකරුවෙක්.

පහර කෑමට ලක් ව ඇති සිසුවා 1990 ගිලන් රථයකින් පොල්පිතිගම දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර; පසුව එම සිසුවා ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇති නමුත් තමන්ට මෙතෙක් කිසිවෙකුගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව කුඹුක්ගැටේ පොලිසිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40