නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරම් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

ස්වයංක්‍රීය ගිනි අවියක ක්‍රියාකාරීත්වයට බෙහෙවින් සමාන ආකාරයට මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී පතොරම් තුවක්කුවක් ඇතුලු ගිනිඅවි 04ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මේ දිනවල ඉහළ යමින් පවතින වනසත්ව දඩයම් හා වනඅලින්ට සිදු කෙරෙන වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිවිරෝධී ගිනිඅවි සොයා සිදුකළ වැටලීමක දී මෙම ගිනිඅවි සොයාගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කලුගල, ඇල්ලවැව හා මාරසිංහ හල්මිල්ලවැව යන ප්‍රදේශවලදීයි මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ.

මෙම ගිනිඅවි අතර නීතිවිරෝධී අයුරින් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ද විදේශීය රටක නිෂ්පාදිත හඳුනාගැනීමේ අංක මකන ලද බොර 12 ගිනි අවියක් ද, මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කු දෙකක් ද ඇතුළත්.

මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30, 42, 53 හා 68 යන වියෙහි පසුවන්නන්.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කළ මෙම මෙහෙයුමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ ද සහාය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් හෙට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

WhatsApp Image 2023 11 22 at 19.01.10
WhatsApp Image 2023 11 22 at 19.01.11 1
WhatsApp Image 2023 11 22 at 19.01.11 2
WhatsApp Image 2023 11 22 at 19.01.11
WhatsApp Image 2023 11 22 at 19.01.12 1
WhatsApp Image 2023 11 22 at 19.01.12
WhatsApp Image 2023 11 22 at 19.01.13 1
WhatsApp Image 2023 11 22 at 19.01.13
WhatsApp Image 2023 11 22 at 19.01.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56