spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරම් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

ස්වයංක්‍රීය ගිනි අවියක ක්‍රියාකාරීත්වයට බෙහෙවින් සමාන ආකාරයට මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී පතොරම් තුවක්කුවක් ඇතුලු ගිනිඅවි 04ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මේ දිනවල ඉහළ යමින් පවතින වනසත්ව දඩයම් හා වනඅලින්ට සිදු කෙරෙන වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් නීතිවිරෝධී ගිනිඅවි සොයා සිදුකළ වැටලීමක දී මෙම ගිනිඅවි සොයාගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කලුගල, ඇල්ලවැව හා මාරසිංහ හල්මිල්ලවැව යන ප්‍රදේශවලදීයි මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ.

මෙම ගිනිඅවි අතර නීතිවිරෝධී අයුරින් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ද විදේශීය රටක නිෂ්පාදිත හඳුනාගැනීමේ අංක මකන ලද බොර 12 ගිනි අවියක් ද, මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්කු දෙකක් ද ඇතුළත්.

මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30, 42, 53 හා 68 යන වියෙහි පසුවන්නන්.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් සිදු කළ මෙම මෙහෙයුමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ ද සහාය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් හෙට කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

WhatsApp Image 2023 11 22 at 19.01.10
WhatsApp Image 2023 11 22 at 19.01.11 1
WhatsApp Image 2023 11 22 at 19.01.11 2
WhatsApp Image 2023 11 22 at 19.01.11
WhatsApp Image 2023 11 22 at 19.01.12 1
WhatsApp Image 2023 11 22 at 19.01.12
WhatsApp Image 2023 11 22 at 19.01.13 1
WhatsApp Image 2023 11 22 at 19.01.13
WhatsApp Image 2023 11 22 at 19.01.14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?