ප්‍රසිද්ධ පාවහන් සමාගමක නඩුහබයකට උසාවියෙන් නියෝගයක්

රණතුංග – රාජපක්ෂ පවුලට අයත් යැයි කියන මෙරට ප්‍රසිද්ධ පාවහන් සමාගමේ අධ්‍යක්ෂවරුන් අතර ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමට එරෙහි ව පියවර නොගැනීමට හේතු හා විරෝධතා ඇත්නම් මාසයක් ඇතුළත දැනුම් දෙන්නැයි කොළඹ වාණිජ මහාධිකරණය ප්‍රසිද්ධ පාවහන් සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් පස්දෙනෙකුට හා සමාගමේ ලේකම්වරියට අද නියෝග කරමින් දන්වා සිටි බවයි වාර්තා වන්නේ.

අදාළ පාවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ සහ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ සහ සමාගම් ලේකම් වරුණි ද සිල්වා යන වගඋත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කෙරුණා.

පාවහන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ යන අයට එම තනතුරුවල කටයුතු කිරීමට බාධා නොකර සිටින ලෙසට ද අධිකරණය නිකුත් කළ නියෝගය වගඋත්තරකරුවන් විසින් කඩ කර ඇතැයි ඔහුගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීමෙන් පසුව වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සමාගම් කිහිපයක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන සජිත් රාජපක්ෂ සිය සේවාදායකයා තම සේවය උපරිම අයුරින් ඉටු කර ඇති බව ද,ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර පෙන්වා දී තිබෙනවා.

මෙම අපහාස නඩුව හා ඊට සම්බන්ධ නඩු තුනක් ඊයේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම තීන්දුව ලබා දුන්නේ.

ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, නවීන් මාරපන, ජ්‍යේෂ්ඨ නීතිඥ සුගත්කල්දේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් මෙම නඩු සඳහා පෙනී සිටියා.

අදාළ නඩු ලබන 04 හා 15 වැනි දින යළි කැඳවීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12