කාරක සභා රැස්වීම් පැවැත්විය යුතු ආකාරය ගැන කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ කාරක සභාවල වැඩ කටයුතු සිදු කළ යුතු ආකාරය පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගී වීම සහ
කාරක සභා වැඩ කටයුතු සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලි‍මේන්තුවට විශේෂ නිවේදනයක් අද දිනයේ දී නිකුත් කරනු ලැබුවා.

ඒ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය කතානායකගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමෙන් පසුවයි.

පාර්ලි‍මේන්තුවේ දැනට ක්‍රියාත්මක ව පවතින විවිධ කාරක සභා රැස්වීම් සඳහා සාමාජික මන්ත්‍රීවරයන් හෝ සභාපතිවරයාගේ විධිමත් අවසරය මත පැමිණෙන සාමාජික මන්ත්‍රී නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ කාරක සභාවේ වැඩ කටයුතු සඳහා කැඳවීම් කරන ලද වෙනත් බාහිර ආයතනවල නිලධාරීන්ට ද එකී
කාරක සභාවේ කටයුතු ඉටු කරනු ලබන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ට ද පමණක් එම කාරක සභා රැස්වීම්වලට සහභාගී විය හැකි බවත්, වෙනත් කිසිදු හෝ බාහිර පුද්ගලයෙකුට එම කාරක සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවල දී කාරක සභා කාමර තුළට පැමිණීමට කිසිදු හෝ අවසරයක් නොමැති බවත් කතානායකවරයා අවධාරණය කළා.

මීට අමතරව, කාරක සභා සභාපතිවරයන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ ප්‍රවණතාවන් පිළිබඳ ව තමා වෙත විවිධ අවස්ථාවල දී කරුණු වාර්තා වී තිබෙන බැවින් ඒවා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ චිරාත් කාලයක් පුරාවට පැවති සම්ප්‍රදායන් සහ පරිචයන් ආරක්ෂා වන අයුරින් කටයුතු
කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව, බැඳී සිටින බව ද කතානායකවර‍යා මතක් කර සිටියා.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට අමතර ව කාරක සභා සභාපතිවරයන් විසින් කාරක සභාවේ වැඩ කටයුතු කිරීමේ දී සම්බන්ධීකරණය සහ උපදේශක කාර්යයන් සඳහා කිසියම් බාහිර පුද්ගලයකුගේ සේවය ස්වේච්ඡාවෙන් හෝ වෙනත් ආකාරයකින් ලබා ගැනීම‍ට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කතානායකවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවයි කතානායක නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කාරක සභාවක වැඩ කටයුතු කරගෙන යාමේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, ව්‍යවස්ථාපිත හෝ ව්‍යවස්ථාපිත නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කාරක සභාවේ වැඩකටයුතු කිරීමටත්, පාර්ලිමේන්තුවේ ගෞරවයට, අභිමානයට හානියක් නොවන ආකාරයෙන් සමබර ව කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත්, ලිපි ගනුදෙනු කිරීමේ දී අදාළ කාරක සභා නාමය සහිත නිල ලිපි ශීර්ෂ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා සන්නිවේදනය කිරීම සඳහා පමණක් භාවිතා කිරීමටත්, එම කාරක සභා නිල ලිපි ශීර්ෂ කිසිම අවස්ථාවක දී පෞද්ගලික හෝ දේශපාලනික කාර්යයන් වෙනුවෙන් භාවිතා කිරීම නොකළ යුතු බවටත්, එලෙසම, කාරක සභා වැඩ කටයුතු සම්බන්ධයෙන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ද මෙතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන්ට අනුකූලව පමණක් කටයුතු කිරීමටත්, සියලුම කාරක සභා සභාපතිවරයන් විසින් වගබලා ගතයුතු බවට‍යි කතානායක මහින්ද යාපා නිකුත් කළ විශේෂ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29