කෝප් සභාපතිට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙටින් ආරම්භවන පාර්ලිමේන්තු සතිය තුළ එම විශ්වාසභංග යෝජනාව ඒමට නියමිත බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ හස්ත මුද්‍රා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම සමාජ ජාලා මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් ලක්වුණා.

පසුව අනාවරණය වුණේ රංජිත් බණ්ඩාරගේ පුත් කනිෂ්ක බණ්ඩාර ද එදින කෝප් කමිටු රැස්වීමට සහභාගී වූ බවයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කථානායකවරයා දැනුවත් කිරීමට ද පියවර ගත්තා.

විපක්ෂයෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකෙරෙන තුරු කෝප් කමිටුවේ කටයුතු අත්හිටුවීමට කථානායකවරයා පසුගිය අඟහරුවාදා (16) පියවර ගත්තා.

කෝප් කමිටු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය සැලකිල්ලට ගනිමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒන බව සමගි ජන බලවේගය පවසන්නේ එවන් පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03