උත්සව සමයේ දී හිඟයකින් තොරව බිත්තර සැපයිය හැකියි – රටින් ගෙන්වන්න එපා

මේ වනවිට දේශීය වෙළෙඳපොළෙන් අතිරික්තයක් ලෙස බිත්තර පැමිණෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මාධ්‍යය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ; මේ හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ රුපියල් 30 සිට 42 දක්වා බිත්තර මිල දී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට පවතින බවයි.

මෙවන් තත්ත්වයක් කිසිදු ලෙසකින් උත්සව සමය තුළ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු නොකරන ලෙසට සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

දේශීය බිත්තර අතිරික්තයක් ලෙස අඩු මිලට දේශීය වෙළෙඳපොළට එමින් ඇති පසුබිමක, පාරිභෝගිකයින් හට අඩුවකින් තොරව බිත්තර සැපයීමේ හැකියාවක් මෙරට බිත්තර නිෂ්පාදකයින්ට ඇති බවයි සභාපතිවරයා පෙන්වා සිටියේ.

කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන ඉහළ දැමීම මත මෙම අඩු මිලකට බිත්තර ලබාදීමේ හැකියාවක් ඇති බව ද මාධ්‍ය හමුවේ දී මොහු කියා සිටියා.

ඉන්දීය නිෂ්පාදකයා නොව, මෙරට බිත්තර හා කුකුල් මස් නිෂ්පාදකයා දිරි ගැන්වීමට රජය කටයුතු කළ යුතු බවත්; උත්සව සමයේ දී කුකුල් මස් මිල ‘සම සහිත ශීත කළ කුකුල් මස් රුපියල් 950 සිට ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් අවධාරණය කළා.

  1. ISSELLA PENNAPANN 35TA ADUWEN DENNA HAKI BAWA. EKA MASAYAK DUNNOTH ONNA INDIA WALIN GENA EKA STOP KARAYI. THOPI ME RATEYI WENNA BAHE. DUPPATH MINIHA MARAGENA KANAWA ME HEMA MUSALAYAMA UDA NDHALA PAHALATAMA INNA. EKEK INNWA JAYAWARDANA KIYALA, U GAS WADI KALAMA WADI KARANAWA. ADU KALAMA ADU KARANNE NAHE, GAS WALIN NOWEYI CURRENT EKN HADANNE KIYALA,. ONEMA CHU PAN KARAYEKGEN PAN GEDIYAK ARAN KIRALA BALAPALLA, GRAM 300 WADA NAHE. ONEMA KEELLS EKAKIN ARAGENA KIRALA BALAPN GRAM 450 MA THIYENAWA. MUN EKEN GRAM 150 GAHANAWA, PRICE EKA THAMA 150-170YI. KEELLS 149YI. PRISIDHUYI, ATHIN ALLANE NAHE, ELECTRIC OVEN WALIN BAKE KARANNE. EKKO RATIN GENWALLA, NATHINAM KEELLS WANI AYATA PAHASUAKAM DENNA. MUN NATHIWELA MAKA BEWILAMA GIYAWE. ANE EHEMAMA WEWA.