spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ දී හිඟයකින් තොරව බිත්තර සැපයිය හැකියි – රටින් ගෙන්වන්න එපා

මේ වනවිට දේශීය වෙළෙඳපොළෙන් අතිරික්තයක් ලෙස බිත්තර පැමිණෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මාධ්‍යය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ; මේ හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ රුපියල් 30 සිට 42 දක්වා බිත්තර මිල දී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට පවතින බවයි.

මෙවන් තත්ත්වයක් කිසිදු ලෙසකින් උත්සව සමය තුළ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය සිදු නොකරන ලෙසට සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

දේශීය බිත්තර අතිරික්තයක් ලෙස අඩු මිලට දේශීය වෙළෙඳපොළට එමින් ඇති පසුබිමක, පාරිභෝගිකයින් හට අඩුවකින් තොරව බිත්තර සැපයීමේ හැකියාවක් මෙරට බිත්තර නිෂ්පාදකයින්ට ඇති බවයි සභාපතිවරයා පෙන්වා සිටියේ.

කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන ඉහළ දැමීම මත මෙම අඩු මිලකට බිත්තර ලබාදීමේ හැකියාවක් ඇති බව ද මාධ්‍ය හමුවේ දී මොහු කියා සිටියා.

ඉන්දීය නිෂ්පාදකයා නොව, මෙරට බිත්තර හා කුකුල් මස් නිෂ්පාදකයා දිරි ගැන්වීමට රජය කටයුතු කළ යුතු බවත්; උත්සව සමයේ දී කුකුල් මස් මිල ‘සම සහිත ශීත කළ කුකුල් මස් රුපියල් 950 සිට ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?