විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් තුළ දරුවන්ට ඇති අවස්ථා වැඩි කළ යුතුයි – අධ්‍යාපන ඇමති

වර්තමානයේ බොහෝ පාසල් දරුවන් සහ දෙමව්පියන් නොනවතින තරගයක කොටස්කරුවන් වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඕනෑම තරගයක ස්වභාවය සීමිත ජයග්‍රාහකයින් පිරිසක් බිහි කිරීම වන අතර තරගයක වින්දිතයන් බවට දරුවන් පත්කිරීම වෙනුවට විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සමග පුළුල් අත්දැකීම් පරාසයක් සහ කුසලතා අත්පත්කර ගත හැකි මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම අරමුණ විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ පළමු සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන පාසල් රැසක ඉතා සක්‍රීය ව ක්‍රියාවට නැංවෙන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන හරහා සිසුදරුවන් තුළ නායකත්ව කුසලතා, කණ්ඩායම් හැඟීම, අදහස්වලට ගරුකිරීම, සවන්දීම, ඉවසීම, වැනි පෞරුෂ සංවර්ධන ගුණාංග වැඩිදියුණු කිරීමටත්, සර්ව ජන ඡන්ද බලය, ප්‍රජාතන්ත්‍රවාදී රජයක පාර්ලිමේන්තු කාර්යභාරය, මූල්‍ය වගකීම් දැරීම, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය සතු බලතල හා වගකීම් පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමටත්, දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය පාලන ක්‍රමවේද, පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය, මැතිවරණ පැවැත්වීම, ජනතා නියෝජිතයන්ගේ කාර්යභාරය ආදිය පිළිබඳ වඩාත් පුළුල් දැක්මක් සහ අවබෝධයක් ඇතිකරගැනීමටත් ඉමහත් පිටුබලයක් සැලසෙන බව මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන මැතිවරණ කොමිසන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන අතර, ප්‍රාදේශීය හා ජාතික සංවර්ධනය අරමුණු කරගනිමින් ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා පාසල් දරුවන් සෘජුව මැදිහත් කරගැනීම, ජාතික අධ්‍යාපන පොදු අරමුණු හා නිපුනතා සමූහ ලබාගැනීම සඳහා ක්‍රියාකාරී අවස්ථා සම්පාදනය කිරීම, පුරවැසි අධ්‍යාපන විෂය මගින් න්‍යායාත්මකව හා ප්‍රායෝගික ව පාසල් ප්‍රජාව තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුනතා වඩාත් ඵලදායීව ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රමුඛ අරමුණු රැසක් එහි දී මූලිකව සැලකිල්ලට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32