ආයුර්වේද ධූමපානයට (කුරුඳු සිගරැට්ටුව) ආයුර්වේද අනුමැතිය නැහැ

ආයුර්වේද දුම්පානයක් ලෙස හඳුන්වා දෙන කුරුඳු දුම්වැටියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග ‘අරුණ’ පුවත්පතට පවසා තිබෙනවා.

මෙම දුම්වැටිය නිෂ්පාදිත සමාගම මගින් එය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදෙන ලෙස ලිපියක් යොමු කර ඇත.

කෙසේ වුවද මේ දක්වා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව මගින් මෙම කුරුඳු දුම්වැටියට ආයුර්වේද දුම්වැටියක් ලෙස අනුමැතිය ලබා දී නොමැති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?