Indian Premier League

වෑන් රියක් ටිපර් රථයක ගැටී යුද හමුදා නිලධාරියෙක් මරුට

යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අනතුර සිදු ව ඇත්තේ දඹුල්ල – ඉනාමළුව – අවුඩංගාව ප්‍රදේශයේ දී බවයි.

දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවට ම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ටිපර් රථයේ පිටුපස ගැටී අනතුර සිදු ව තිබෙනවා.

අනතුර අද අලුයම 02ට පමණ සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීගිරිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?