වෑන් රියක් ටිපර් රථයක ගැටී යුද හමුදා නිලධාරියෙක් මරුට

යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අනතුර සිදු ව ඇත්තේ දඹුල්ල – ඉනාමළුව – අවුඩංගාව ප්‍රදේශයේ දී බවයි.

දඹුල්ලේ සිට හබරණ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් වෑන් රථයක් එම දිසාවට ම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යෑමේ දී ටිපර් රථයේ පිටුපස ගැටී අනතුර සිදු ව තිබෙනවා.

අනතුර අද අලුයම 02ට පමණ සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ යුද හමුදා නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී වම්පස ඉදිරි අසුනේ සිටි නිලධාරියා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීගිරිය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56