මැක්ස්වෙල් මංගල ද්විත්ව ශතකය ලබා කණ්ඩායමට ජය ගෙන එයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අද පැවති 39 වැනි තරගයෙන් කඩුලු 03ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

ඒ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි ව පැවති තරගයේ දියි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක ෂහිඩි පළමු ව පිතිකරණය තෝරාගත්තා.

එහිදී අෆ්ගන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී ලකුණු 129ක් රැස් කළා.

කඩුලු බිඳ හෙලීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 02ක් ද, ස්ටාක්, සම්පා, මැක්ස්වෙල් එක් කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 292ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට සාර්ථක පිතිකරණයක යෙදෙන්නට පළමු භාගයේ සිට ම අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ඊට හේතුව වූයේ අඩු ලකුණුවල දී ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවන් ව යළි ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඇෆ්ගනුන්ට හැකි වීමයි.

ඔස්ට්‍රේලියාවේ මුල් කඩුලු 07ම ලකුණු 130ක් වන විට බිඳ දමන්නට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට හැකි වුණා.

තරගයේ ජයග්‍රහණය ගැන ඇෆ්ගනිස්ථානයට වැඩි බලාපොරොත්තුවක් තිබියදී, සම්පූර්ණයෙන් ම එම බලාපොරොත්තු බිඳ දමන්නට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට හැකි වුණා.

තනි සටනක් දියත් කරමින් වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ මැක්ස්වෙල් සිය එක්දින දිවියේ සිව්වැනි ශතකය මෙන් ම මංගල එක්දින ද්විත්ව ශතකය ද වාර්තා කළා.

තරගය ජයග්‍රහණය කරන විට මැක්ස්වෙල් පන්දු 128කට නොදැවී ලකුණු 201ක් ලබා සිටියේ දැවැන්ත හයේ පහර 10 ක් සහ හතරේ පහර 21 ක් වාර්තා කරමින්.

තරගය ජය ගන්නා විට 8 වැනි කඩුල්ල වෙනුවෙන් මැක්ස්වෙල් සහ කමින්ස් අතරේ නොබිඳුණු ලකුණු 202ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගී තිබුණා.

කඩුල්ල බේරා ගනිමින් තරගය ජයග්‍රහණය කරන තුරු පිටියෙහි අනෙක් අන්තයේ රැඳී සිටි නායක කමින්ස් නොදැවී පන්දු 68කට ලකුණු 12 ක් රැස් කරගෙන සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී නවීන්, අෂ්මතුල්ලා සහ රෂීඩ් කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

මෙම තරග ජයත් සමග ඔස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 03 වැනි තැන සිටින්නේ මුහුණ දුන් තරග 08න් තරග 06ක ජය වාර්තා කරමින්.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුහුණ දුන් තරග 08න් මේ වනවිට තරග 04ක් ජයගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 06 වැනි ස්ථානයේයි.

එමෙන්ම මෙවර ලෝක කුසලානයේ පළමු ද්විත්ව ශතකයක් ලැබූ ක්‍රීඩකයා බවට ද පත් වූයේ ග්ලේන් මැක්ස්වෙල්.

තරගයේ වීරයා සම්මානය වේගවත් ලකුණු 201 ක් නොදැවී ලබා ගනිමින්, එක් කඩුල්ලක් ද බිඳ දැමූ ග්ලේන් මැක්ස්වෙල් හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
2
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12