ලංකාවට අහිතකර වාණිජ කොන්දේසි සමග ලක් රජය අදානි එක්ක අත්වැල් බැඳ ගැනීමේ සූදානමක් ?

මෙරටට අහිතකර වාණිජ කොන්දේසි රැසක් සමගින් ඉන්දීය අදානි සමාගම සමග විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බවට විදුලිබල වෘත්තීය සමිති චෝදනා කරනවා.

මන්නාරම සහ පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිවලට අදාළ අදානි සමාගමේ යෝජනාව විදුලි බල අමාත්‍යාංශයට පසුගිය සිකුරාදා ලැබී තිබුණා.

ඒ අනුව විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම වසර 30ක කාලයක් සඳහා විය යුතු බවට එමගින් යෝජනා කර ඇති අතර, විදුලි ඒකකයක් සඳහා මිල සටහන් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ශත 14ක් ලෙසින්.

කෙසේවෙතත් අද පවතින විනිමය අනුපාතිකයට අනුව විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් මිල දී ගත යුත්තේ රුපියල් 45.95ක මිලකට යි.

නමුත් දැනට ක්‍රියාත්මක සුළං විදුලි බලාගාරවලින් විදුලිබල මණ්ඩලය විදුලිය මිල දී ගන්නේ ඒකකයක් රුපියල් 13.13ක අගයකට වීම අදානි ගනුදෙනුවේ ඇති මූල්‍ය අවාසිය වඩා හොඳින් ඉස්මතු කර පෙන්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය අදානි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට සැරසෙන්නේ මේ වන විට වෙළෙඳපොලේ පවතින මිලට වඩා තුන්ගුණයකටත් වැඩි මිලකටයි.

ඊට අමතර ව ගෙවීම් සහතකියක් ලෙස රාජ්‍ය ආයතනයක කොටස් අයිතිය ද අදානි සමාගම ඉල්ලා ඇතැයි ද සඳහන්.

ඒ සමාගම විසින් ඉල්ලා ඇති බදු නිදහස් කිරීම්වලට අමතරවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෙම කොන්දේසි සියල්ල මෙරටට අතිශයින්ම අවාසිසහගත බවයි.

කෙසේ වෙතත් තත්ත්වය එසේ තිබියදී මෙම යෝජනාව අනුමත කරන ලෙස විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික කමිටුවට මෙරට දේශපාලන බලාධිකාරිය හරහා දැඩි බලපෑමක් සිදු කරමින් ඇති බවටත් ඔවුන් චෝදනා කරනවා.

දැනට වාර්තා වන ආකාරයට ලබන 14 වැනිදා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රමුඛ බලධාරීන් සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන යාපනය ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57

?