ලංකාවට අහිතකර වාණිජ කොන්දේසි සමග ලක් රජය අදානි එක්ක අත්වැල් බැඳ ගැනීමේ සූදානමක් ?

මෙරටට අහිතකර වාණිජ කොන්දේසි රැසක් සමගින් ඉන්දීය අදානි සමාගම සමග විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බවට විදුලිබල වෘත්තීය සමිති චෝදනා කරනවා.

මන්නාරම සහ පුනරීන් සුළං විදුලි ව්‍යාපෘතිවලට අදාළ අදානි සමාගමේ යෝජනාව විදුලි බල අමාත්‍යාංශයට පසුගිය සිකුරාදා ලැබී තිබුණා.

ඒ අනුව විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම වසර 30ක කාලයක් සඳහා විය යුතු බවට එමගින් යෝජනා කර ඇති අතර, විදුලි ඒකකයක් සඳහා මිල සටහන් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ශත 14ක් ලෙසින්.

කෙසේවෙතත් අද පවතින විනිමය අනුපාතිකයට අනුව විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් මිල දී ගත යුත්තේ රුපියල් 45.95ක මිලකට යි.

නමුත් දැනට ක්‍රියාත්මක සුළං විදුලි බලාගාරවලින් විදුලිබල මණ්ඩලය විදුලිය මිල දී ගන්නේ ඒකකයක් රුපියල් 13.13ක අගයකට වීම අදානි ගනුදෙනුවේ ඇති මූල්‍ය අවාසිය වඩා හොඳින් ඉස්මතු කර පෙන්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය අදානි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට සැරසෙන්නේ මේ වන විට වෙළෙඳපොලේ පවතින මිලට වඩා තුන්ගුණයකටත් වැඩි මිලකටයි.

ඊට අමතර ව ගෙවීම් සහතකියක් ලෙස රාජ්‍ය ආයතනයක කොටස් අයිතිය ද අදානි සමාගම ඉල්ලා ඇතැයි ද සඳහන්.

ඒ සමාගම විසින් ඉල්ලා ඇති බදු නිදහස් කිරීම්වලට අමතරවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෙම කොන්දේසි සියල්ල මෙරටට අතිශයින්ම අවාසිසහගත බවයි.

කෙසේ වෙතත් තත්ත්වය එසේ තිබියදී මෙම යෝජනාව අනුමත කරන ලෙස විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික කමිටුවට මෙරට දේශපාලන බලාධිකාරිය හරහා දැඩි බලපෑමක් සිදු කරමින් ඇති බවටත් ඔවුන් චෝදනා කරනවා.

දැනට වාර්තා වන ආකාරයට ලබන 14 වැනිදා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රමුඛ බලධාරීන් සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21