ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වන බලපෑමක් ගැන මිහින්තලා විහාධිපති හිමි කියයි (වීඩියෝ)

ඉන්දියානු බලපෑම් හමුවේ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ලකුණු අතරට නොයන ලෙසට වත්මන් රජය සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින්ට ජීවිත තර්ජන එල්ල කරමින් සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

දේශපාලකයන් විසින් මේ වන විට ශ්‍රී ලංකාව මුදලට අලෙවි කළ රටක් බවට පත්ව ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඉන්දියානු මුදල් අමාත්‍යවරිය මෙරටට සිදු කළ සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තුන් ඉරියව්වම බ්ලොක් කරමින් ආණ්ඩුව හා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකර ඇති බව ධම්මරතන හිමි ප්‍රකාශ කළා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජීවිත ද තර්ජනයට ලක්ව ඇති අත්ර ඔවුන්ගේ ජීවිත රැකීමට සියලු දෙනාට සිදුවන බවයි උන්වහන්සේ කියාසිටියේ.

ඉතිහාසයේ සිටම ශ්‍රී ලාංකිකයින් විසින්ම මෙරට විදේශිකයින්ට පාවා දීමට කටයුතු කර ඇති බවත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ශ්‍රී ලාංකික සංස්කෘතිය හමුවේ කිසිදු සටනක් ශ්‍රී ලංකාව තුළ ජයගැනීමට නොහැකි බව එංගලන්තයේ රහස් ඔත්තු නිලධාරියෙකු වන ජෝන් ඩොයිලි විසින් පවසා තිබුන ද වත්මන් නායකයින් විසින් රට පාවා දීමට කටයුතු කරමින් සිටින බව  නා හිමියන් ප්‍රකාශ කළා.

2040 වසර වන විට එක් මහා භාරතයට ශ්‍රී ලංකාව ද අයත් වන අතර ඒ අනුව ඉන්දියාවේ කොටසක් බවට ශ්‍රී ලංකාව පත් වන බව ද නායක හිමියන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
2
+1
5
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22