දර්බාන ඇළ කඳු පාමුලින් තරුණ මළසිරුරක් හමුවෙයි

රාගල පොලිස් වසමට අයත් හරස්පෙත ප්‍රදේශයේ අඩි දහසක් පමණ උස දර්බාන ඇළ කඳු පාමුල තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

රාගල – හරස්පෙත ප්‍රදේශයේ පදිංචි මලින්ත ඩිල්ෂාන් නමැති 24 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා තම දෙමාපියන් සමග රණ්ඩු කර ඔවුන්ට පහර දී ඊයේ සවස සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ; තමන් කොහේ හෝ ගොස් මැරෙන බවට පවසමින්.

පුතා නිවසට නොපැමිණි නිසා මවුපියන් රාගල පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

පොලිස් පැමිණිල්ලෙන් පසුව විමර්ශන ආරම්භ වූ අතර, ඊයේ පස්වරුවේ දී නිවැසියන්ට දූරකථන ඇමතුමක් ලැබී ඇත්තේ නාඳුනන මළසිරුරක් දර්බාන ඇළ කඳු පාමුල තිබෙන බවට ලැබුණු තොරතුරක් මතයි.

ඉන් අනතුරුව නිවැසියන් රාගල පොලිසියට එම දූරකථන ඇමතුම පිළිබඳ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

පසුව පොලිසිය දර්බාන ඇළ කඳු පාමුලට ගොස් තරුණයාගේ මළ සිරුර ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මළසිරුර ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයේ සිටි තරුණයාගේ මව්පියන් එම සිරුර සිය පුතුගේ බවට හඳුනාගැනුණා.

මියගිය පුද්ගලයා සියදිවි නසා ගත්තේ ද නැතහොත් ඝාතනය කර ඇත් ද යන්න පිළිබඳ ව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08