සනත් නිශාන්තගේ නඩුව විභාග කරන නව විනිසුරු මඩුල්ල නම් කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා විභාග කරන නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබෙනවා.

ඒ, අනුව අදාළ පෙත්සම් විභාගය සදහා සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල වෙත යොමු කරන බව අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළා.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් නොවැම්බර් මස 13 වනදා කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම් මීට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහෙත් මෙම නඩු විභාගයෙන් විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වීමෙන් අනතුරුව මෙම නව විනිසුරු මඩුල්ල වෙත අදාළ පෙත්සම් යොමු කිරීමට අභියාචනාධිකරණයේ සභාපතිවරයා තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයක දී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළ කළ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනයට ලක් කර ඇති බවයි.

ඒ, තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07