අයහපත් කාලගුණය හේතුවෙන් මෙරටට එමින් තිබූ ගුවන් යානා ඉන්දියාවට ගොඩබස්වයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද දින සවස් කාලයේ පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

මෙයින් පළමු ගුවන් යානය මාලදිවයිනේ සිට අද සවස 06.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 111 දරන ගුවන් යානයයි.

අනෙක් ගුවන් යානය වූයේ අද සවස 06.30 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 365 දරන ගුවන් යානයයි.

මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේත් මේ ආකාරයට ම අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම නිසා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම පියවර ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38