රුබියල්ස්ගේ දෙතොල් හාදුවේ හුටපටය ‘ජයග්‍රහණයේ පීල්ල පැනීමක්’

මංගල කාන්තා පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ප්‍රීතිය නමැති පීල්ල ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුයිස් රුබියල්ස්ගේ අනවශ්‍ය දෙතොල් හාදුව හේතුවෙන් පීලි පැනීමකට ලක් වූ බව FIFA හි මහලේකම් Fatma Samoura පවසනවා.

ඇය පෙන්වාදෙන්නේ; ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ගේ ශූරත්වය සම්බන්ධයෙන් නොව, අද වනවිටත් ක්‍රීඩා ලොවේ බොහෝ විට මාතෘකාව වී ඇත්තේ ජෙනිෆර් හර්මෝසෝ ක්‍රීඩිකාවට සිදු වූ ලිංගික අතවරය සහ බලහත්කාරකම පිළිබඳ ව බවයි.

හිටපු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ අයහපත් හැසිරීම් රටාව තරගාවලියේ ම හානියට අර්ධ වශයෙන් හෝ දායක වූ බව ද මහලේකම්වරිය ෆත්මා කියා සිටියා.

පසුගියදා ලන්ඩනයේ දී නිමාවට පත් වූ අප්‍රිකානු සම්මාන උලෙළේ දී CNN ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා විශ්ලේෂක ඩැරන් ලුවිස් හා සංවාදයකට එක්වෙමින් ෆත්මා සමූරා පැවසුවේ ලුයිස්ගේ ක්‍රියාකලාපය නුසුදුස්සක් බවට තීරණය කිරීමට තමන්ට තත්ත්පරයක් හෝ ගත නොවූ බවයි.

FIFA හි පළමු කාන්තාව සහ පළමු අප්‍රිකානු මහලේකම්වරිය වන එක්සත් ජාතීන්ගේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික සැමෝරා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

එ ක්‍රීඩාවට කැමති මෙන් ම කාන්තාවන්ගේ ගෞරවයට ගරු කරන ගෝලීය බහුතර ජනතාවක් සිටින බවට හර්මෝසෝට සිදු වූ අසාධාරණයත් සමග පෙරට ආ පාර්ශ්ව වෙතින් දිස්වීම සතුටට කරුණක් බවයි.

පසුගිය අගෝස්තු මාසයේ දී එංගලන්ත කාන්තා පාපන්දු කණ්ඩායම පරදවමින් ස්පාඤ්ඤ කාන්තාවන් සිය මංගල පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

එම ජයග්‍රහණයේ පදක්කම් සහ කුසලානය ප්‍රදානයෙන් පසුව හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති රුබියල්ස් ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆර් හර්මෝසෝගේ දෙතොල් ඇයගේ අවාරයකින් තොරව සිප ගත්තා.

මෙම සිදුවීම පාපන්දු ක්‍රීඩාවේ විනය රීති බ‍රපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, හර්මෝසෝගේ අනවසරයකින් තොරව සිදු වූ නිසා එය බලහත්කාර ලිංගික අත පෙවීමක් බවත් ගෝලීය වශයෙන් විවිධ පාර්ශ්ව කියා සිටියා.

මෙවන් පසුබිමක් මතයි හර්මෝසෝ විසින් සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් රාජකීය ස්පාඤ්ඤ අධිකරණයේ රුබියල්ස්ට එරෙහිව නඩු මගට පිවිසුණේ.

ඒ සමගින් රුබියල්ස් සිය පාපන්දු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ද කටයුතු කළා.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මාස 06ක කාලයක් සඳහා ද පරීක්ෂණ අවසන් වන තුරු රුබියල්ස්ට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති සියලු ම කටයුතුවලින් ඉවත් වන ලෙසටත් වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23