ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක තරගයක් අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පූනේ හිදී පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.

මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනා අතරට පිවිසීමේ බලාපොරොත්තුව තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්ය වනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානයේ රැඳී සිටින අතර, ඇෆ්ගනිස්ථානය පසුවන්නේ 07 වන ස්ථානයේ යි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිත අතර, ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබුවා.

මීට අමතරව ආරම්භක පිතිකරුවෙක් වශයෙන් දිමුත් කරුණාරත්න අද තරගය සඳහා කැඳවීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

එසේ වුවහොත් කුසල් පෙරේරාට අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අද තරගය පැවැත්වෙන පූනේ ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට යම් වාසිදායක තණතීරුවක් වනු ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරු සධීර සමරවික්‍රමට අද තරගයේ දී ලකුණු 90ක් රැස්කළ හොත් ජාත්‍යනතර එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06