spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තවත් තීරණාත්මක තරගයක් අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පූනේ හිදී පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.

මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනා අතරට පිවිසීමේ බලාපොරොත්තුව තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්ය වනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 05වන ස්ථානයේ රැඳී සිටින අතර, ඇෆ්ගනිස්ථානය පසුවන්නේ 07 වන ස්ථානයේ යි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කිරීමට නියමිත අතර, ලහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබුවා.

මීට අමතරව ආරම්භක පිතිකරුවෙක් වශයෙන් දිමුත් කරුණාරත්න අද තරගය සඳහා කැඳවීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

එසේ වුවහොත් කුසල් පෙරේරාට අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අද තරගය පැවැත්වෙන පූනේ ක්‍රීඩාංගණය දඟ පන්දු යවන්නන්ට යම් වාසිදායක තණතීරුවක් වනු ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පිතිකරු සධීර සමරවික්‍රමට අද තරගයේ දී ලකුණු 90ක් රැස්කළ හොත් ජාත්‍යනතර එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?