ගාසා හි එකම පිළිකා රෝහල වසා දැමීමේ අවදානමක

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය හමුවේ ගාසා තීරයේ පිහිටා ඇති එකම පිළිකා රෝහල වසා දැමීමට සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඊශ්‍රායලයට පසුගිය සඳුදා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසුව; ඊශ්‍රායලය විසින් දිගින් දිගටම පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරය වටලනු ලැබීමත් සමග මෙම පිළිකා රෝහලේ දැනටමත් විකිරණවේදය වැනි සමහර සේවාවන් නතර කර තිබෙනවා.

නමුත් මෙහි ඇති ඛේදනීය ගැටලුව වන්නේ මෙම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 9,000කට පමණ ප්‍රතිකාර සඳහා යාමට වෙනත් රෝහලක් හෝ සායනයක් නොමැති වීමයි.

ගාසාවේ එකම පිළිකා රෝහලේ දී වෛද්‍ය සුභී සුකීක් ඔහුගේ ම රෝගීන්ට දැඩි ලෙස මෙම යුද්ධය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ව ඇති බවටයි පවසා ඇත්තේ.

ඔක්තෝබර් 7 වැනිදා යුද්ධය ආරම්භ වී දින දෙකකට පසුව, ඊශ්‍රායලය ගාසා තීරයට සම්පූර්ණ අවහිරයක් පනවමින් ආහාරපාන, ඖෂධ, ඉන්ධන ආදී සියල්ලම නවතා දැමුවා.

තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුකේක් අනතුරු ඇඟවූයේ එහි අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන මෙන් ම රසායනික චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සඳහා ඒවා ලබාගත නොහැකි ව රෝහල් කාර්‍යය මණ්ඩලය මෙන් ම රෝගීන් නේක දුක් විඳින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56