ගාසා හි එකම පිළිකා රෝහල වසා දැමීමේ අවදානමක

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය හමුවේ ගාසා තීරයේ පිහිටා ඇති එකම පිළිකා රෝහල වසා දැමීමට සිදුවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ඊශ්‍රායලයට පසුගිය සඳුදා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසුව; ඊශ්‍රායලය විසින් දිගින් දිගටම පලස්තීනයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරය වටලනු ලැබීමත් සමග මෙම පිළිකා රෝහලේ දැනටමත් විකිරණවේදය වැනි සමහර සේවාවන් නතර කර තිබෙනවා.

නමුත් මෙහි ඇති ඛේදනීය ගැටලුව වන්නේ මෙම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 9,000කට පමණ ප්‍රතිකාර සඳහා යාමට වෙනත් රෝහලක් හෝ සායනයක් නොමැති වීමයි.

ගාසාවේ එකම පිළිකා රෝහලේ දී වෛද්‍ය සුභී සුකීක් ඔහුගේ ම රෝගීන්ට දැඩි ලෙස මෙම යුද්ධය ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් ව ඇති බවටයි පවසා ඇත්තේ.

ඔක්තෝබර් 7 වැනිදා යුද්ධය ආරම්භ වී දින දෙකකට පසුව, ඊශ්‍රායලය ගාසා තීරයට සම්පූර්ණ අවහිරයක් පනවමින් ආහාරපාන, ඖෂධ, ඉන්ධන ආදී සියල්ලම නවතා දැමුවා.

තුර්කි-පලස්තීන මිත්‍රත්ව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුකේක් අනතුරු ඇඟවූයේ එහි අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන මෙන් ම රසායනික චිකිත්සක ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සඳහා ඒවා ලබාගත නොහැකි ව රෝහල් කාර්‍යය මණ්ඩලය මෙන් ම රෝගීන් නේක දුක් විඳින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42