තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක්

වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ තුන් හැවිරිදි දරුවෙක් මියයාමේ සිද්ධියේ මරණ පරීක්ෂණයට අදාළ ව සාක්ෂි ලබාදීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්කෑන් අංශය භාර වෛද්‍යවරයා හා වකුගඩු පරීක්ෂණාගාරය භාර වෛද්‍යවරියව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය බොරැල්ල පොලීසියට ඊයේ දිනයේ දී නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදිය යුතු සියලු පුද්ගලයන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණයෙන් පොලීසියට නියම කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම දරුවා සම්බන්ධයෙන් සිදුකළ සියලු ම ශල්‍යකර්මවලට හා ප්‍රතිකාරවලට අදාළ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, එම වාර්තා ඉතා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ද. එසේ ලබා ගැනීමට යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම් අධිකරණ නියෝගයක් ලබාගෙන හෝ එම වාර්තා රෝහලෙන් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය බොරැල්ල පොලිසියට නියෝග කළා.

දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ මහාචාර්ය වෛද්‍ය රන්දුල රණවක ඊයේ අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර ඔහු කියා සිටියේ දරුවාගේ ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේ තමන් එහි නොසිටි බවත් ශල්‍යකර්මයෙන් පසුව තමා දරුවා පරික්ෂා කළ නමුත් ක්‍රියාකාරී තත්ත්වයේ පැවති වකුගඩුවට කුමක් සිදු වූවේ ද කියා තමන් නොදන්නා බවයි.

එම වකුගඩුවට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ ව සොයා බැලීම සඳහා අදාළ වෛද්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවති බව ද එහිදී ඔහු සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළ නඩුව මෙම මස 25 දින කැඳවීමට නියමිත අතර එහිදී රෝහල් ස්කෑන් අංශය භාර වෛද්‍ය ජෙරාඩ් ප්‍රනාන්දු සාක්ෂි ලබාදීමට නියමිත යි.

කොටහේන ප්‍රදේශයේ පදිංචි තෙහැවිරිදි අම්දි ෆස්ලිම් නමැති දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ මව්පියන් බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි මෙම නඩුව විභාගට ගැනෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38