ඊශ්‍රායලය යුද තත්වයක් ප්‍රකාශයට පත් කරයි – ගැටුම්වලින් 250ක් මරුට

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය විසින් වසර ගණනාවකට පසු එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ගොස් තිබෙනවා.

තවත් 1,590ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ සිට සන්නද්ධ ක්‍රියාකාරීන් විශාල පිරිසක් දකුණු ඊශ්‍රායලයට ඇතුලු වී ඇතැයි සඳහන්.

ඔවුන් ඊශ්‍රායල සොල්දාදුවන් සහ සිවිල් වැසියන් යන දෙපාර්ශවයම ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඇතැමුන් නැවත ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 232ක් මිය ගොස් 1600ක් තුවාල ලබා ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලය “යුද්ධයක” සිටින බව පැවසූ අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයට පෙර නොවූ විරූ ආකාරයේ වන්දි ගෙවීමකට සිදුවනු ඇති බවටයි.

ඊශ්‍රායල හමුදාව දස දහස් ගණනක් මර්මස්ථානවල බලමුලු ගන්වා ඇති අතර ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, තවමත් දකුණු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් අල්ලාගෙන සිටින සටන්කාමීන් සමඟ සටන් අඛණ්ඩව පවතිනවා.

ඊශ්‍රායල නගර වෙත රොකට් ප්‍රහාර එල්ල කෙරෙමින් පවතින අතර, ඊයේ සවස් කාලයේ ප්‍රහාර එල්ල වූ නගර අතර ටෙල් අවිව් සහ රිෂොන් ලෙසියන් ද වනවා.

සන්නද්ධ ක්‍රියාකාරීන් විශාල පිරිසක් විවිධ ස්ථාන ගණනාවකින් ඊශ්‍රායල භූමියට ඇතුළු වූ බව විශ්වාස කෙරෙනවා.

ඔවුන් ලෝකයේ වඩාත්ම ශක්තිමත් දේශසීමා වලින් එකකින් මෙලෙස පැමිණීමට සමත් වූයේ කෙසේ ද යන්න අපැහැදිලි බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

සටන්කාමීන් දැනට ඊශ්‍රායල් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් රඳවාගෙන සිටින අතර ඇතැමුන් ඊශ්‍රායල මායිම් නගරවල සිටින බවත් අනෙක් පිරිස ගාසා තීරයට ගෙන යන ලද බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු යුධ සිරකරුවන් 53 දෙනෙකු තමන් විසින් අල්ලාගෙන ඇති බවත්, ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන ඉලක්කයන් වූ බොහෝ උමං මාර්ගවල ඔවුන් රඳවා සිටින බවත් හමාස් සංවිධානය ප්‍රකාශ කළා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු ද සොල්දාදුවන් සහ සිවිල් වැසියන් පැහැරගෙන ගොස් ඇති බව තහවුරු කරන ලද අතර, ඊශ්‍රායලයේ නහාල් පාබල බලසේනාවේ අණදෙන නිලධාරි කර්නල් ජොනතන් ස්ටයින්බර්ග් ඇතුළු සමහර සොල්දාදුවන් මරා දමා ඇති බව වාර්තා වනවා.

එහෙත් ඉහළ ජෙනරාල්වරයකු පැහැරගෙන ගොස් ඇති බවට පළවන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර හමාස් සංවිධානයට එරෙහි ප්‍රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් ඉවත්ව යන ලෙස ඉල්ලා තිබෙනවා.

“කළු දිනයක්” ලෙස හැඳින්වූ පලස්තීන සටන්කාමීන්ගෙන් “බලවත් පළිගැනීමක්” කරන බවටයි අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56