සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී වගඋත්තරකාර සනත් නිශාන්ත ද අධිකරණයේ පෙනී සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ ලබාදුන් නොතිසියට අනුව විත්ති පාර්ශවයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහාවන ප්‍රවේශය ලබා දී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා.

ඒ, අනුව මෙම පැමිණිලි විභාගය සඳහා දින නියම කර ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ, අනුව අදාළ පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට සනත් නිශාන්තට එරෙහිව මෙම පැමිණිලි තුන ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12