සනත් නිශාන්තට එරෙහි පැමිණිලි විභාගයට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (27) දින නියම කළා.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී වගඋත්තරකාර සනත් නිශාන්ත ද අධිකරණයේ පෙනී සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිලිවලට අදාළව සාක්ෂි ආඥාපනත යටතේ ලබාදුන් නොතිසියට අනුව විත්ති පාර්ශවයට සාක්ෂි පරීක්ෂා කිරීම සඳහාවන ප්‍රවේශය ලබා දී තිබෙන බවත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළා.

ඒ, අනුව මෙම පැමිණිලි විභාගය සඳහා දින නියම කර ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ, අනුව අදාළ පැමිණිලි ඔක්තෝබර් මස 27 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට සනත් නිශාන්තට එරෙහිව මෙම පැමිණිලි තුන ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14