පාකිස්ථානයේ ලෝක කුසලාන සැලසුම් අනතුරේ – ඉන්දියාවෙන් වීසා අනුමැතිය නැහැ

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එළඹෙන ලෝක කුසලාන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට තවමත් වීසා ලැබී නොමැති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඉන්දියාවට යාමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙදින පුහුණු කඳවුරක් පැවැත්වීමේ සැලසුම අවලංගු කිරීමට පාකිස්ථානයට සිදුව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථානය ලබන සඳුඳා (25) එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වෙත ගමන් කිරීමට සැලසුම්කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදී ඔවුන් දෙදින පුහුණු කඳවුරකට සහභාගීවීමේ පසු සැප්තැම්බර් 29 වනදා නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්කරගෙන හයිද්‍රාබාද් බලා යාමටයි සැලසුම වී තිබුණේ.

කෙසේ වෙතත් තවමත් පාකිස්ථාන කණ්ඩායමට වීසා නොලැබීමත් සමඟ ඔවුන්ගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ගමන ලබන බදාදා (27) දක්වා කල් දැමීමටයි සිදුව ඇත්තේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ දෙදින පුහුණු සැසිය අවලංගු කිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, අනුව ඔවුන් බදාදා (27) දිනයේ දී ලාහෝර් සිට ඩුබායි වෙත පියාසර කරන අතර, නියමිත වේලාවට වීසා ලබා ගන්නේ නම් එතැන් සිට හයිද්‍රාබාද් වෙත පියාසර කරනු ඇති බවටයි තොරතරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය හයිද්‍රාබාද් වෙත පිටත්ව යාමට පෙර ඉන්දියාවෙන් අවශ්‍ය වීසා අනුමැතිය ලබාදෙනු ඇතැයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුද හේතුවෙන් දෙරට අතර ඍජු ගුවන් ගමන් සිදුවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
10
+1
6
+1
7
+1
16
+1
10
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16