සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසිවලට පටහැනි ලෙස එම අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට නියෝග කර තිබෙනවා.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු වන දෙව්ෂාන් බුද්ධරගේ සහ ප්‍රනීතා. එන්. වර්ණකුල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහතුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාඩීන් ලැබොරටරි පෞද්ගලික සමාගම නමැති දේශීය සමාගමක් විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිතා කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබා දීමට පෙර එය මාස හයක කාලයක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුව ද මෙම එන්නත් සඳහා අනුමැතිය දීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සහ භාවිත නිසා මේ වනවිට මරණ ගණනාවක් සිදු වී තවත් රෝගීන් ගණනාවක් සංකූලතාවයන්ට මුහුණ දුන් බවත් මෙම එන්නත් වර්ග වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීම සඳහා මෙම පෙත්සම සලකා බැලීමට කඩිනම් දිනයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලා තිබෙනවා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

ඉන් අනතුරුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46