විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ඡාවක්

දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමගයි.

විදුලිබල පනත සංශෝධනය කර විදුලිබල මණ්ඩල සතු භෞතික මෙන්ම මානව සම්පත් නිසිපරිදි ස්ථානගත කිරීම, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක කටයුත්තක්.

මෙම කටයුත්ත සාර්ථක කරගැනිම සදහා ඇමරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමේ කාර්‍යාලය සමග එක්ව කටයුතු කිරීමට ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනයේ මෙරට සහ ඉන්දියානු නියෝජිතයන් වෙත එම ක්‍රියාවලිය සකස් කිරීමේ වගකීම ලබා දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිම් වෙනුවෙන් සහය ලබාදෙන පාර්ශවකරුවන් වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය මෙන්ම ඇමරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඉටු කල යුතු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56