හිරුණිකාගේ නඩුව කල් යයි

2021 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 4 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේයි විභාගයට ගනු ලැබුවේ.

එහිදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියක් වශයෙන් යොදාගත් වීඩියෝ දර්ශනවලට අදාළව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ප්‍රාදේශීය ප්‍රවෘත්ති) විමුක්ති කාරියවසම් සහ විමර්ශනවලට සහභාගී වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහ යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ තවත් එක් සාක්ෂියක් මෙහෙය වීමෙන් පසුව තමා පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 4 වන දා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේදී වෙළදසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා අඩන්තේට්ටම් සිදු කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොණුකර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් අත් හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් ද නියම කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23