දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාවට නැංවෙන බවයි.

අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර හෙට දිනයේ සිට දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා මගහැරී යනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

දුම්රිය සේවක වර්ජනය හමුවේ දුම්රිය ධාවනයට එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය විසිනුයි ධාවනාගාර කිහිපයක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.

එම සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අද කාර්යාල දිනයක් බැවින් කාර්යාල සේවකයන් මෙන්ම පාසල් සිසුන් ද දුම්රිය නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවුණා.

අද දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ පෙරවරුවේ ද දුම්රිය සේවකයන්ගේ හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. එහෙත් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එම වර්ජනය අවසන් කෙරුණා.

ඒ අතරතුරයි තවත් දුම්රිය සේවක සංගමයක් ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩවර්ජනයක් ගැන සදහන් කළේ.

දුම්රිය සේවකයන් නිරන්තරයෙන් සිදුකරන වර්ජන හේතුවෙන් තමන් අපහසුතාවට පත් කිරීම බලවත් අසාධාරණයක් බව දුම්රිය මගීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12