දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාවට නැංවෙන බවයි.

අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර හෙට දිනයේ සිට දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා මගහැරී යනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

දුම්රිය සේවක වර්ජනය හමුවේ දුම්රිය ධාවනයට එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය විසිනුයි ධාවනාගාර කිහිපයක ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර ඇත්තේ.

එම සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ වැටුප් වර්ධක සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අද කාර්යාල දිනයක් බැවින් කාර්යාල සේවකයන් මෙන්ම පාසල් සිසුන් ද දුම්රිය නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවුණා.

අද දුම්රිය ගමන්වාර 36ක් පමණ අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ පෙරවරුවේ ද දුම්රිය සේවකයන්ගේ හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. එහෙත් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව එම වර්ජනය අවසන් කෙරුණා.

ඒ අතරතුරයි තවත් දුම්රිය සේවක සංගමයක් ඊයේ රාත්‍රියේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩවර්ජනයක් ගැන සදහන් කළේ.

දුම්රිය සේවකයන් නිරන්තරයෙන් සිදුකරන වර්ජන හේතුවෙන් තමන් අපහසුතාවට පත් කිරීම බලවත් අසාධාරණයක් බව දුම්රිය මගීන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42