වර්ෂාවත් සමඟ ඉන්ධන භාවිතයෙන් සිදුකෙරෙන විදුලි නිෂ්පාදනයේ අඩුවක්

මේ වනවිට ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.

ඒ, අනුව අවම ජල මට්ටමක් පැවති ජලාශ වර්ෂාවත් සමඟ 33%ක් දක්වා පිරී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම සමනලවැව ජලාශයේ ජල මට්ටම 11% දක්වා වැඩි වී ඇති බවයි අද (11) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පැවසුවේ.

වර්ෂාවත් සමඟ ඉදිරියේ දී ඉන්ධන භාවිතයෙන් සිදුකෙරෙන විදුලි නිෂ්පාදනය අඩු කිරීමට අවස්ථාව පවතින බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කර සිටියේ ඊයේ (10) දිනයේ දී විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන අඩුවක් පෙන්නුම් කළ බවයි.

මේ අතර විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?