ඉන්දු – පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට පෙරළෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ ප්‍රේමදාස තණ තීරුවේ පළමුව පන්දු රැකීමටයි.

අද තරගයට ඉදිරිපත් වන ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී තිබෙනවා.

ඒ, අනුව අද තරගයට ජස්ප්‍රිට් බුම්රා සහ ලෝකේෂ් රාහුල් කණ්ඩායමට කැඳවා ඇති බවයි නායක රෝහිත් ශර්මා සඳහන් කළේ.

මේ අතර පාකිස්ථාන වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට අද දිනයේ ශතකයක් ලබාගත හොත් බාබර් අසාම්ට හැකියාව හිමිවනවා.

බාබර් අසාම් මේ වනවිට එක්දින තරග 106ක් ක්‍රීඩා කරමින් ශතක 19ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර අද පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අතිරේක දිනයක් ලෙස හෙට (11) දිනය ද මෙම තරගය වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

මෙම සුවිශේෂී තරගය නැරඹීම වෙනුවෙන් පාකිස්ථාන සහ ඉන්දීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටින බවයි ක්‍රීඩාංගණයෙන් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36