ඉන්දු – පාකිස්ථාන හෙට තරගයට දැක් වූ වැඩි සැළකිල්ලට ඉන්දියාවෙනුත් විරෝධය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයට අමතර දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ (08) තීරණය කළා.

ඒ, අනුව හෙට (10) පැවැත්වෙන තරගය සඳහා අමතර දිනයක් ලෙස අනිද්දා (11) දිනය ද වෙන්කරනු ලැබුවේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට ඇති සම්භාවිතාව ඉහළ අගයක පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් සුපිරි හතර දෙනාගේ තරග වටයේ මෙම තරගය සඳහා පමණක් අමතර දිනයක් වෙන් කිරීමේ තීරණය බොහෝ පිරිසකගේ දෝෂ දර්ශනට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය හිටපු ක්‍රීඩකයෙක්වන වෙන්කටේෂ් ප්‍රසාද් ද මෙම තීරණය සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

වෙන්කටේෂ් ප්‍රසාද් සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, මෙය අතිශය නිර්ලජ්ජිත ක්‍රියාවක් බවයි.

සුපිරි හතර වටයේ තරග වදින අනෙක් කණ්ඩායම් දෙක උපහාසයට ලක් කිරීමක් තරගාවලි සංවිධායකයින් මේ තීරණය හරහා සිදුකර ඇති බවයි වෙන්කටේෂ් පවසන්නේ.

එලෙස නීති රීති වෙනස් ලෙස තරඟාවලියක් පැවැත්වීම සදාචාර විරෝධී ක්‍රියාවක් බව ද ඔහු පවසනවා.

මේ අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් ද මෙම තරණය පිළිබඳවව අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු පවසන්නේ “මම මෙය මුලින්ම ඇසූ විට පුදුමයට පත් වුණා. නමුත් ඒ සමඟම අපි තරඟයේ සංවිධායකයින් නොවන නිසා අපට ඒ ගැන කළ හැකි දෙයක් නැහැ. නමුත් මේ ආකාරයෙන් ක්‍රීඩා කරන නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතිරේක ලකුණක් රැස් කිරීම අනෙකුත් කණ්ඩායම් දෙකට අවාසියක් විය හැකියි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57