ඉන්දු – පාකිස්ථාන හෙට තරගයට දැක් වූ වැඩි සැළකිල්ලට ඉන්දියාවෙනුත් විරෝධය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයට අමතර දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ (08) තීරණය කළා.

ඒ, අනුව හෙට (10) පැවැත්වෙන තරගය සඳහා අමතර දිනයක් ලෙස අනිද්දා (11) දිනය ද වෙන්කරනු ලැබුවේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට ඇති සම්භාවිතාව ඉහළ අගයක පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් සුපිරි හතර දෙනාගේ තරග වටයේ මෙම තරගය සඳහා පමණක් අමතර දිනයක් වෙන් කිරීමේ තීරණය බොහෝ පිරිසකගේ දෝෂ දර්ශනට ලක්ව තිබෙනවා.

ඒ, අනුව ඉන්දීය හිටපු ක්‍රීඩකයෙක්වන වෙන්කටේෂ් ප්‍රසාද් ද මෙම තීරණය සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

වෙන්කටේෂ් ප්‍රසාද් සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, මෙය අතිශය නිර්ලජ්ජිත ක්‍රියාවක් බවයි.

සුපිරි හතර වටයේ තරග වදින අනෙක් කණ්ඩායම් දෙක උපහාසයට ලක් කිරීමක් තරගාවලි සංවිධායකයින් මේ තීරණය හරහා සිදුකර ඇති බවයි වෙන්කටේෂ් පවසන්නේ.

එලෙස නීති රීති වෙනස් ලෙස තරඟාවලියක් පැවැත්වීම සදාචාර විරෝධී ක්‍රියාවක් බව ද ඔහු පවසනවා.

මේ අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් ද මෙම තරණය පිළිබඳවව අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු පවසන්නේ “මම මෙය මුලින්ම ඇසූ විට පුදුමයට පත් වුණා. නමුත් ඒ සමඟම අපි තරඟයේ සංවිධායකයින් නොවන නිසා අපට ඒ ගැන කළ හැකි දෙයක් නැහැ. නමුත් මේ ආකාරයෙන් ක්‍රීඩා කරන නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතිරේක ලකුණක් රැස් කිරීම අනෙකුත් කණ්ඩායම් දෙකට අවාසියක් විය හැකියි.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?