වෙඩි තැබීමකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

ගලපිටමඩ දුනුමාල හන්දිය ප්‍රදේශයේදී පසුගියදා කැබ් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුලි මස 17 වනදා උදෑසන කාලයේදීයි අදාළ වෙඩි තැබීම සිදුවී තිබුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ සවස මීතොටමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ද සමගින්.

මෙම පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රන් මාල දෙකක් උකස් කරන ලද රිසිට් පත් දෙකක් ද සොයාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී දුනුමාල හන්දියේදී කැබ් රථයක් තුල පුද්ගලයෙකු ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේ මෙම සැකකරු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු උකස් කරන ලද රන් මාල දෙක මියගිය පුද්ගලයාගේ ගෙලෙහි තිබූ රන් මාල බවට ද අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා විදේශගතව සිටින එක් සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් කොන්ත්‍රාත්තුවක් ලබාදී ටී 56 ගිනි අවියකට සමාන ගිනි අවියක් ලබාදී ඇති බව ද හෙළිකරගෙන තිබෙනවා.

84 S වර්ගයේ අදාළ ගිනි අවිය සැකකරු නවාතැන්ගෙන සිටි රාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැණුනා.

එමෙන්ම අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 8ක්, මත්ද්‍රව්‍ය මැන බැලීමට යොදාගත් බවට සැක කෙරෙන කුඩා තරාදියක් ද සොයාගෙන තිබෙනවා.

මෙම ගිනි අවිය සඟවා තැබීමට ආධාර අනුබල දුන් නිවසේ සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු රාගම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙක්.

සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශයයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42