වෙඩි තැබීමකට සම්බන්ධ අයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

ගලපිටමඩ දුනුමාල හන්දිය ප්‍රදේශයේදී පසුගියදා කැබ් රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජුලි මස 17 වනදා උදෑසන කාලයේදීයි අදාළ වෙඩි තැබීම සිදුවී තිබුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ සවස මීතොටමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ද සමගින්.

මෙම පුද්ගලයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රන් මාල දෙකක් උකස් කරන ලද රිසිට් පත් දෙකක් ද සොයාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී දුනුමාල හන්දියේදී කැබ් රථයක් තුල පුද්ගලයෙකු ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේ මෙම සැකකරු බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු උකස් කරන ලද රන් මාල දෙක මියගිය පුද්ගලයාගේ ගෙලෙහි තිබූ රන් මාල බවට ද අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ උපදෙස් මත මෙම ඝාතනය සිදු කර ඇති බවටයි.

සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා විදේශගතව සිටින එක් සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් කොන්ත්‍රාත්තුවක් ලබාදී ටී 56 ගිනි අවියකට සමාන ගිනි අවියක් ලබාදී ඇති බව ද හෙළිකරගෙන තිබෙනවා.

84 S වර්ගයේ අදාළ ගිනි අවිය සැකකරු නවාතැන්ගෙන සිටි රාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැණුනා.

එමෙන්ම අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 8ක්, මත්ද්‍රව්‍ය මැන බැලීමට යොදාගත් බවට සැක කෙරෙන කුඩා තරාදියක් ද සොයාගෙන තිබෙනවා.

මෙම ගිනි අවිය සඟවා තැබීමට ආධාර අනුබල දුන් නිවසේ සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔහු රාගම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි අයෙක්.

සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ සහ මහර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාශයයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42