ඉන්ධන QR පද්ධතියට කරන්න යන අලුත් වැඩක් බලශක්ති ඇමති හෙළිකරයි

ජාතික ඉන්ධන අවසරපත් QR පද්ධතිය සහ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

QR ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙමගින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබු අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකි වූ බව ඔහු සිහිපත් කරනවා. එමෙන්ම මෙමගින් අවශ්‍ය කඩිනම් තීරණ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවශ්‍ය සැබැ දත්ත ලබා ගැනීමට ද හැකි වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඊයේ දිනය වන විට මෙම QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65 ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට මෙන්ම මෙම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගණුදෙණු ලක්ෂ 3500ක් ඉක්මවා සිදු කර තිබෙනවා.

සැප්තැම්බර් පළමු වනදා සිට ඉන්ධන ලබා ගැනීමට QR කේතය තව දුරටත් අවශ්‍ය නොවන්නේ පසුගිය කාලය තුල රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සුත්‍රය, ඉන්ධන වෙළඳ පොළට නව බෙදුම්කරුවන්ගේ එකතුවීම යන කරුණු මගින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මුල්‍ය අවශ්‍යතාවයන් කළමණාකරණය වී ඇති බැවින් බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම පද්ධතිය සහ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56