බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගාවලියේ දෙවන තරගය වූ මෙය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී යි.

පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.

Najmul Hossain Shanto ලකුණු 89ක් ලබාගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ලකුණු 10ක් වත් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් බිඳහෙළුවා. මහීෂ් තීක්ෂණ කඩුලු 2යි.

ලකුණු 165ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චරිත් අසලංක නොදැවී 62යි. මෙම තරගයේදී සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක අර්ධ ශතක ලබාගැනීමට සමත්වුණා.

තම 4 වන එක්දින අර්ධ ශතකය ලබා ගත් සධීර සමරවික්‍රම එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 59 කට මුහුණ දෙමින්. ඊට 4 පහර 6ක් ද ඇතුලත් වුණා. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.

තම 9 වන එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට චරිත් අසලංක අද සමත්වුණා. ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 85කට මුහුණ දෙමින්. ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 4ක් ද ඇතුලත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12