බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගාවලියේ දෙවන තරගය වූ මෙය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී යි.

පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 164ක් පමණයි.

Najmul Hossain Shanto ලකුණු 89ක් ලබාගත්තා. බංග්ලාදේශ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ලකුණු 10ක් වත් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් බිඳහෙළුවා. මහීෂ් තීක්ෂණ කඩුලු 2යි.

ලකුණු 165ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චරිත් අසලංක නොදැවී 62යි. මෙම තරගයේදී සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක අර්ධ ශතක ලබාගැනීමට සමත්වුණා.

තම 4 වන එක්දින අර්ධ ශතකය ලබා ගත් සධීර සමරවික්‍රම එම ලකුණු 50 ලබාගත්තේ පන්දු 59 කට මුහුණ දෙමින්. ඊට 4 පහර 6ක් ද ඇතුලත් වුණා. දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.

තම 9 වන එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට චරිත් අසලංක අද සමත්වුණා. ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 85කට මුහුණ දෙමින්. ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහර 4ක් ද ඇතුලත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14