ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ පෙරහැර හේතුවෙන් හෙට (01) පස්වරුවේ සිට ලබන 4 වනදා දක්වා ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

හෙට (01) සහ අනිද්දා (02) පෙරහැර සවස 1ට ආරම්භ වී රාත්‍රී 8 දක්වා වීථි සංචාරය කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

03 වනදා සහ 04 වනදා රාත්‍රී 8ට ආරම්භ වන පෙරහැර පසුදා උදෑසන 6 දක්වා වීථි සංචාරය කෙරෙනවා.

මේ හේතුවෙන් පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුල එය ගමන් ගන්නා මාර්ගවල වාහන ගමනාගමනය සීමා කරන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

Seenigama Traffic1
Seenigama Traffic2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?