මරණින් මතු සිදුවෙන දේ ගැන අලුත්ම හෙළිදරව්වක්

මරණයෙන් පසු යළි ජීවයක් පවතින බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවයි රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ජෙෆ්රි ලෝන්ග් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයා ද වනවා.

තම වෘත්තීය ජීවිතය තුළ සිදු කළ අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බවයි වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර ඇත්තේ.

තමන් අධ්‍යනය කළ රෝගීන්, මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව එය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් පවසා තිබෙනවා.

එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් පෙන්වා දෙන්නේ එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවයි.

එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන ඇත්තේ එතැන බව තමන්ට දැනුනු බව එම රෝගීන් ප්‍රකාශ කළ බවට වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් 1998 වසරේ දී මරණාසන්න අත්දැකීම් පර්යේෂණ පදනම ආරම්භ කරනු ලැබුවා.

ඔහු මරණාසන්න අත්දැකීම නිර්වචනය කරන්නේ කෝමා තත්වයට පත් වූ හෝ සායනිකව මිය ගිය, හෘද ස්පන්දනයක් නොමැති, ඔවුන් දකින, ඇසෙන, හැඟීම් දැනෙන සහ වෙනත් ජීවීන් සමඟ අන්තර් ක්‍රියා කරන පැහැදිලි අත්දැකීමක් ඇති අයෙකු ලෙසටයි.

ලබා ගත් අතිවිශාල සාක්ෂි හමුවේ, නිසැකව ම මරණින් මතු ජීවිතයක් ඇතැයි විශ්වාස කරන බවයි වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

සමීක්ෂණයට යොදා ගත රෝගීන්ගෙන් 45%ක් පමණ අත්දැකීම් හෙළි කර ඇති අතර විඥානය ඔවුන්ගේ භෞතික ශරීරයෙන් වෙන් වන අතර සාමාන්‍යයෙන් ඉහළින් සැරිසරන බව පවසන බව ලෝන්ග් පැහැදිලි කර තිබෙනවා.

මාර්ගයක අශ්වයෙකු පිට නැගී සිටියදී සිහිය නැති වූ කාන්තාවකගේ සිද්ධියක් ඔහු උපුටා දක්වා තිබෙනවා.

සිහි විසඥ වීමත් සමග ඇද වැටීමෙන් පසු සිරුර භෞතිකව අශ්වයා සමග නොගිය ද ඇයගේ සිහිය ඇගේ අශ්වයා සමඟ ගමන් කළ බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඇයගේ ශරීරය භෞතිකව නොතිබුණද අනතුරුව සිදුවූ දේ නිවැරදිව විස්තර කිරීමට ඇයට හැකි වූ බවයි වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කළේ.

බොහෝ අය කියා සිටින්නේ උමගක් හරහා ගිය බවත්, දීප්තිමත් ආලෝකයක් දැක ඇති බවත්, මියගිය ආදරණීයයෙකු විසින් පිළිගනු ලැබූ බවත්, ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දැල්වෙන බවයි.

කුඩා දරුවන් ද මේ හා සමාන අත්දැකීම් විස්තර කතිබෙනවා.

කෙසේවෙතත් මෙම අත්දැකීම් සඳහා කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙතෙක් සොයාගෙන නැහැ.

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව සහ ස්නායු චර්යා විද්‍යාව පිළිබඳ ප්‍රවීණ මහාචාර්ය ආචාර්ය බෲස් ග්‍රේසන් ද , මරණාසන්න අත්දැකීම් පර්යේෂණ කර තිබෙනවා. ඒ ඔහු ද එවැනි අත්දැකීමකට මුහුණ දීම හේතුවෙන්.

ඔහු පෙන්වා දෙන්නේ මරණාසන්න අත්දැකීම් සමාන නොවන බවට ඔහු වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් සමඟ එකඟ වන අතර මෙම සිදුවීම්වල ඇතැම් සමාන ගති ලක්ෂණ කිහිපයක්ද පවතින බවයි.

ඔහුගේ පර්යේෂණයට අනුව, මෙවැනි අත්දැකීම් ඉතා සුලභ වන අතර, මරණයට ආසන්න පුද්ගලයින්ගෙන් 10-20% පමණ ඒවා වාර්තා කර තිබෙනවා. ලොව සමස්ත ජනගහනයෙන් 5% ක් පමණ මෙවැනි සිදුවීම්වලට මුහුණදී තිබෙනවා.

ශරීරයෙන් පිටත අත්දැකීමක්, දීප්තිමත් ආලෝකයක් සහ මියගිය ආදරණීයයෙකු සමඟ නැවත හමුවීමක් ඇති බව බොහෝ අය ප්‍රකාශ කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
4
+1
15
+1
29
+1
15
+1
6
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03